මං අඩනිරුවතින් රඟපෑවේ කැමැත්තෙන් – රිතිකා කොඩිතුවක්කු

ඇගේ ඇස අග හරහා රිදී තිරයට ආව රිතිකා කොඩිතුවක්කු ඇගේ ජීවිතයේ අනාගතය ගැන හිතන පතන විදිහ ගැන පහුගිය දවසක සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා
අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය වුණු ඇගේ ඇස අග චිත්‍රපටියේ දර්ශන ගැනත් ඇය කියන්න අමතක කරලා තිබුණේ නෑග ඒ අහපු ප්‍රශ්නවලට ඇය උත්තර දීලා තිබුනේ මෙන්න මේ විදියට
ඇගේ ඇස අග සිනමා නිර්මාණයට දායක වෙන්න ලැබුණේ කොහොමද?
මේ චිත්‍රපටයේ නිෂ්පාදක අංශයේ කටයුතු කරපු මංජු පෙරේරා සහ සහාය අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරපු අමල් අල්විස්‌ගේ ආරාධනාවකට අනුව තමයි සම්බන්ධවෙන්න ලැබුණේග
අශෝක හඳගම වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක් සමඟ මුලින්ම වැඩකරන්න බයක් සැකක් දැනුණේ නැතිද?
අශෝක හඳගම වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක් යටතේ වැඩකරන්න ලැබීම ලොකු භාග්‍යයක්‌ග ඒ වගේම ලොකු අභියෝගයක්‌ග ඒ අභියෝගය භාරගන්න මම කැමැති වුණා
මේ චරිතයට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර එහෙම කොහොමද?
ගොඩක් දෙනෙක් මේ නිර්මාණයට කැමැතියි කියලා මට හිතෙනවා
රිතිකා ඔබත් වෘත්තීය නිළියක් විදිහට වැඩකරන්නද සූදානම ?
මම නිළියක් නෙමෙයිග දිගටම ක්‍ෂේත්‍රයේ රැඳෙනවාද කියලා තවම තීරණය කරලා නැහැග නමුත් හොඳ සිනමා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් එහි පිටපත හොඳනම් ඒ වගේම මම ඊට කැමැති නම් ඒක භාරගන්නවා
ඇගේ ඇස අග නිර්මාණයේ පිටපත කියවලාද එය භාරගත්තේ ?
ඔව්
මේ චිත්‍රපටයේ තිබෙන සියලුම දර්ශන පිටපතේ සඳහන් වෙලා තිබුණාද?
ඔව්
අඩනිරුවත් දර්ශන තිබෙන පිටපතක් භාරගැනීමේ අභියෝගයක් කියලා හිතුණේ නැතිද?
මම ස්‌වාධීන තරුණියක්‌ග රූගත කිරීම් හොඳට සැලසුම් කරලා තිබුණාග කිසිම අවස්‌ථාවක මට අපහසුවක් දැනුණේ නැහැග අධ්‍යක්‍ෂවරයාගේ සිට සියලුම කාර්ය මණ්‌ඩලය මේ චරිතය ගොඩනඟන්න මට ලොකු සහයෝගයක් ලබාදුන්නා
මෙය ඔබේ පළමු රංගනයග සමහරු කියනවා ඔබ සාර්ථකයි කියලා ?
මෙය මගේ පළමු සිනමා නිර්මාණයග එතකොට මට අත්දැකීම් නැහැග මට පිටපතට කියවූ පසු මේ චරිතය මොනවගේ එකක්‌ද කියලා දැනුණාග චරිතයට සාධාරණයක් කරන්න අධ්‍යක්‍ෂ අශෝක හඳගම මහත්මයා මට ලොකු සහයෝගයක් ලබාදුන්නා
මෙවැනි චරිතයකට සම්බන්ධවූ පසු සමාජය ඔබ දිහා වපර ඇසින් බලන්න පුළුවන් නේද?
මේක සිනමා කෘතියක්‌ග ඒ ඉන්නේ මම නෙමෙයිග ඒක වෙන චරිතයක්‌ග මිනිස්‌සු බුද්ධිමත් වෙන්න ඕනෑ සිනමා කෘතියක තිබෙන චරිතයක් මොනවගේද කියලා තේරුම් ගන්නග අනික සිනමාකෘති එක රාමුවකට කොටුවෙන්න ඕනෑ නැහැනේ
රිතිකා කියන්නේ මොනවගේ චරිතයක්‌ද?
අනෙක් අය වගේම මමත් සාමාන්‍ය ගැහැණියක්
මේ වගේ චරිත රඟපෑ නිළියක් කාලයත් සමඟ ක්‍ෂේත්‍රයේ ඈත්වෙලා යන්න පුළුවන් කියලා හිතුණේ නැතිද?
මට තව සිනමා කෘති ලැබේවිද නැතිද කියන අදහසේ නැහැග අනික මම නිළියක් වෙනවා කියන අදහසකුත් නැහැග හොඳ සිනමා කෘතියක් ලැබුණොත් රඟපානවා කියලා විතරයි මම කිව්වේග අපේ තැන ගොඩනඟාගන්න ඕනෑ අපිමයිගවෙනකාටවත් බැහැ අපි ඉන්න තැන තීරණය කරන්නග සමාජයේ කිසිම කෙනෙකුට බැහැ මම ගැන තීරණ ගන්නග අනික තව දෙයක් තියෙනවා
ඒ මොකක්‌ද?
ක්‍ෂේත්‍රයේ ඉදිරියට ඉන්නවාද? නැද්ද? කියලා තීරණය කරන්නෙත් මමයි
සිනමාව ගැන හදාරලා තියෙනවාද?
සිනමාව ගැන කිසිම හැදෑරීමක් නැහැග මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙත් අහම්බෙන්
මේ චරිතයට සාධාරණයක් ඉටුකරන්න පුළුවන් කියලා හිතුණාද?
මම උපරිම සාධාරණයක් ඉෂ්ටකළා කියලා හිතනවාග හැබැයි මේ නිර්මාණය නරඹන ප්‍රේක්‍ෂකයෝ තමයි තීරණය කරන්න ඕනෑ මම චරිතයට සාධාරණයක් ඉටුකළාද නැතිද කියලා
මේ නිර්මාණයට දායක වෙන්න ගෙදරින් අවසර ලැබුණාද?
මගේ පවුලේ අය මාව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේග අනික මම ස්‌වාධීන පුද්ගලයෙක්‌ග මගේ ජීවිතයේ තීරණය ගැනීමේ අයිතිය මට තියෙනවා
ඉදිරියේදී ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් නැතිද?
ටෙලිනාට්‍ය කරන්න නම් බලාපොරොත්තුවක් නැහැ
ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මගේ ජීවිතයේ ඉදිරිය ගැන තවම සැලසුම් හදලා නැහැග අනික මම එහෙම කරන්නෙත් නැහැග ඉදිරියේදී බලමු
මේ සිනමා නිර්මාණය හින්දා ඔබට මගතොටේදී ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
චිත්‍රපයට නරඹපු ගොඩක් දෙනෙක් කිව්වේ ගොඩක් හොඳ නිර්මාණයක් කියලා
අධ්‍යක්‍ෂවරයා ඔබ ගැන මොනවාද කිව්වේ ?
චරිතයට සාධාරණයක් ඉටුකළාද නැද්ද කියලා අධ්‍යක්‍ෂවරයාගෙන් විමසන්න ගියේ නැහැග චිත්‍රපටයක් කළාට පසුව ඒ චරිතයට සාධාරණයක් ඉටුකළාද නැද්ද කියන කාරණාව ගැන තීරණය ගත යුත්තේ ප්‍රේක්‍ෂකයන් කියලයි මම නම් හිතන්නේ!!!





මං අඩනිරුවතින් රඟපෑවේ කැමැත්තෙන් – රිතිකා කොඩිතුවක්කු
Reviewed by Unknown
on
August 18, 2017
Rating:

No comments